රාජගිරිය ගුවන් පාලම අසල සිදුවූ අනතුරෙන් හතර දෙනෙකුට තුවාල

අද (11) දින උදෑසන 6.00 ට පමණ වැලිකඩ පොලිස් වසමේ පාර්ලිමේන්තු මාර්ගයේ ජනාධිපති විද්‍යාල හංදිය, ගුවන් පාලම අසලදී බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ  කාර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක් හා මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් කාර් රථ දෙකෙහි ගමන්ගත් 04 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
මේ හේතුවෙන් කොළඹ දෙසට මාර්ග තදබදයක්ද ඇති විය.

වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share on Google Plus

0 comments:

Post a Comment