කොරෝනා මරණ සංඛ්‍යාව 900 ඉක්මවයි

ටවල් 28 ක් පුරා පවතින කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 904 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදිතයන් සංඛ්‍යාවද 40,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊයේ දිනයේදී පමණක් හුබෙයි පළාතෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 91 ක් වන අතර, ආසාදිත සංඛ්‍යාවද 2618 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සහිත රටවල් අතර, ඉන්දියාව 17 වන ස්ථානයේ පසුවන බව ජර්මනියේ විශ්වවිද්‍යාලයක් සිදුකළ නවතම අධ්‍යයනයකදී අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

රටවල් විස්සක් යොදාගනිමින් සිදුකළ එම අධ්‍යනයේදී ලොව පුරා ගුවන් තො
ටුපල 4,000 ක ගුවන් ගමන් 25,000 කට වැඩි ප්‍රමාණයක් විශ්ලේෂනය කරමිනුයි ඒ බව ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රි ලංකාවේ ද කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට රෝහල් ගතවූ දහසයදෙනෙකු ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ට එම වෛරසය වැලඳී නොමැති බව තහවුරු වී තිබෙනවා.


චීනයේ වූහාන් සිට පැමිණි 33 දෙනෙකු මේ වනවිට සතියකට අධික කාලයක් තිස්සේ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවාගෙන නිරෝධායනය කරමින් පවතිනවා.
Share on Google Plus